විදුලි සේවකයෝ විරෝධතාවක


(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු විදුලිබල කේෂත්‍රයට ප්‍රතිසංස්කරණ ගෙන එමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල සේවකයන් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දැන් පවත්වන විරෝධතාව හේතුවෙන් කොටුව දෙසට තීරුව අවහිරවී වාහන තදබදයක් ඇතිවී තිබේ.

විදුලි සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කර විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාල ඉදිරිපිට පැමිණ විරෝධය දක්වති.

මෙම විරෝධතාවට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති 28 ක් සහභාගි සිටියි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)