ගාල්ල කරාපිටිය රෝහළේ හෘද රෝගී අංශයේ සැත්කමක් සිදු කරද්දී විදුලිය විසන්ධි වු බවත් බැටරි බලයෙන් සැත්කම සිදු කළ මුත් තවත් මිනිත්තු 40 කින් බැටරිය අක්‍රීය වීමට නියමිතව තිබියදී විදුලිය ලැබීමෙන් ඔහුගේ ජීවිතය බේරාගත් බව රෝහල් ආරංචි කියයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසූයේ අද අලුයම ඇතිවූ අකුණු සහිත වර්ෂාව අතරතුර විදුලි විසන්ධිවීම සිදුව ඇති බවයි. විදුලි සේවකයන් පැමිණ කඩිනමින් විදුලිය සැපයූ බව ද ඒ මහතා කීවේය.
අතිරේක විදුලි ජනන යන්ත්‍ර හෝ වෙනත් ක්‍රමයකින් රෝගියාගේ ජීවිතය රැකගැනීමට වහා ක්‍රියා මාර්ග ගන්නා ලෙස නෑයෝ සහ වෛද්‍ය සේවකයෝ ඉල්ලා සිටියහ.

