(යොහාන් භාසුර)
විදුලිබල අමාත්‍යංශයේ දීර්ඝ කාලින ජනන සැලසුම සහ රජයේ ප්‍රතිපත්තිය අනුව වසර 2030 වන විට සමස්ත විදුලි සැපයුමෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමට, වසර 2050 වන විට කාබන් උදාසීනත්වය ලබාගැනීම සහ නව ගල් අඟුරු බලාගාර ඉදිනොකිරීම යෝජිත යැයි විදුලිය හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තාව මගින් පසුගිය 2022 ජනවාරි 1 වනදා සිට 2023 ජනවාරි 31 වනදා දක්වා ඉන්ධන ආනයනය වෙනුවෙන් ඉදිරිපත් කළ ටෙන්ඩර්, ප්‍රතික්ෂේප වූ ටෙන්ඩර්, සාර්ථක ටෙන්ඩර්, ටෙන්ඩර් නොවන ලැබූ යෝජනා, ක්‍රියත්මක කරන ලද යෝජනා, ඉන්දියානු ණය ක්‍රමය මගින් ආනයනය කළ ඉන්ධන, මෙරටට ආනයනය කළ බොරතෙල්, පිරිපහදු ඉන්ධන සහ ගුවන් යානා ඉන්ධන වල ඇණවුම් විස්තර සහ මිල ගණන්, ආදිය පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.

