විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා වන පළමු ආරෝපන මධ්‍යස්ථානය අලුත් අවුරුද්දට පෙර ස්ථාපනය කරන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(31) පැවසීය.
ඉන්ධන භාවිතයෙන් ධාවනය කෙරෙන වාහන වෙනුවට පරිසර හානි අඩු විදුලි ආරෝපණයෙන් ධාවනය වන වාහන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථාන තවත් පිහිටුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.







