විදුලි මනුවේ තෙල් ගා ලක්ෂ 25ක් වන්දිත් ගෙවයි


විදුලි මනුවේ මුද්‍රා ගලවා තෙල් ගා ඉලක්කම් ආපස්සට කරකවා විදුලිබල මණ්ඩලයට ලක්ෂ විසි පහකට වැඩි මුදලක් වංචා කළ  ව්‍යාපාරික කාන්තාවකට රුපියල් දස දහසක දඩ නියම කළ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විදුලි බල මණ්ඩලයේ අලාබය වන රුපියල් 2536833ක් ගෙවන ලෙස ද නියෝග කළාය.

පී කේ ස්වර්ණා මල්ලිකා නම් මෙම ව්‍යාපාරික කාන්තාව  තෙමහල්  ගොඩනැගිල්ලක පොලීතීන් නිෂ්පාදනාගාරයට මෙසේ විදුලිය ලබාගෙන ඇතැයි විදුලිබල මණ්ඩලයේ විමර්ශන නිලධාරී පී ඩී අජිත් මහතා අධිකරණයට දැන්වීය.