විදුලි බිලේ සැර වෙසක් තොරණටත් වදී


විදුලිබිල වැඩි වීම  මෙවර වෙසක් තොරණ නිර්මාණයට ද දැඩි ලෙස බලපාන බව තොරණ නිර්මාණ ශිල්පීහු ප්‍රකාශ කරති .
තොරණ නිර්මාණ ශිල්පියකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු ද වන කටුගස්තොට සරත් විතාරණ මහතා ප්‍රකාශ කළේ විදුලි බිල වැඩි වීම අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම ආදී හේතූ නිසා මෙවර තොරණ නිර්මාණයේදී ගැටළු රැසක් මතුව ඇති බවයි .
මෙවර සාමාන්‍ය මට්ටමින් තොරණක් නිර්මාණය කිරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ වැය වන බවද ඔහු කියයි.