ශ්‍රී ලංකාවේ දැනට යෝජිත විදුලි බිල වැඩි කිරීම විදේශ ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත විශාල බලපෑමක් එල්ල වී ඇති බව දැනගනන්ට ඇත.
විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග රටවල රැකියාව කරන කාන්තාවන්ටත් සාමාන්‍ය පෙලේ රැකියාවන් කරන සියලු දෙනාටත් විදුලි බිල ඉහළ දැමීම විශාල ලෙස දැනෙන්නට පටන් ගෙන ඇති බව සැළයි.
තම පවුලේ සාමාජිකයන්ගේ නඩත්තුව සඳහා මීට කළින් යවන ලද සොච්චම් මුදලින් එදිනෙදා ජීවිතය ගැට ගසා ගත්තද, නිවෙස් වල විදුලි බිල ඉහළ දැමීම තුළින් මීට ඉහතදී ගෙවන ලද මුදල මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවීම ලැබෙන වැටුපෙන් දරා ගැනීමට නොහැකි බව ද, බොහෝ ශ්‍රී ලාංකිකයෝ කනස්සල්ල පළ කරති.
විදුලි බිල අසාධාරණ ලෙස ඉහළ ගියද විදේශ ගත අපට ලැබෙනුයේ පරණ වැටුප නිසා තම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනෙකුත් කරුණු කාරනාවන් ඉටු කිරීම පසෙකලා විදුලි බිල සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවීම දරා ගත නොහැකි බව ද විදේශ ගත ශ්‍රී ලාංකිකයෝ කියති.