විදුලි බිලත් විදුලි වේගෙන් බස්සයි


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල සියයට 25කින් ද, භූමිතෙක් රුපියල් 20කින් ද, පෙට්‍රල් රුපියල් පහකින් ද, ඩීසල් රුපියල් තුනකින් ද පහළ දැමූ බව මහින්ද රාජපක්ෂ ජනපති මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළේය.

ජනපති මේ බව ප්‍රකාශ කළේ චීන ජනපති සහ නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයයේ පැවැති උත්සවයක දී ය.

එහි දී ශ්‍රී ලංකාව හා චීනය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිණි.

ඇමැතිවරුන් වන ජී එල් පීරිස්, බැසින් රාජපක්ෂ, සරත් අමුණුගම, පවිත්‍රා වන්නිආරච්චි, ටී බී ඒකනායක, එස් බී දිසානායක, පාඨලී චම්පික රණවක, මහින්ද යාපා අබේවර්ධන, පී බී ජයසුන්දර මහත්වරු ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලේකම් පී බී ජයසුන්දර මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද ලංකාව නියෝජනය කරමින් එම ගිවිසුම්වලට අත්සන් තැබූහ.

චීන ජනපති ෂී ජිංපිං සහ ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරායේ අවසන් අධියර විවෘත කළහ.