විදුලි බිල වැඩි කිරීමට එරෙහිව රජයට විරෝධය පළකිරීම සඳහා මැයි 21 වැනිදා සංවිධානය කර ඇති ඒකාබද්ධ වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව හා ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ නායකත්වය අතර පැලවත්ත ජ.වි.පෙ පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා (07) පැවැත්වීමට යයි.
මෙම වැඩ වර්ජනය සඳහා දේශපාලන පක්ෂ සහාය හා අදහස් ගැනීමේ මුල් සාකච්ඡාව මෙයයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද ඉදිරියේදී තවත් සාකච්ඡා පැවැත්වෙන බව වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.