විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අද (09) පස්වරු 3.30 ට ඇරැඹේ.
වැඩි කළ විදුලි බිල අහෝසි කරන ලෙස ඉල්ලා මැයි 15 දින බොරැල්ලේ විරෝධතා ව්‍යාපාරයක් ද සංවිධාන කර ඇත.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, ශ්‍රී ලංකා සොබා සාමුහිකය, ගුරු සංගමය, ජාතික සේවක සංගමය, කැෆේ සංවිධානය, විදුලි සංදේශ නිළ සංගමය හා මාර්ග සේවක වෘත්තීය සමිති සම්මේලනය මගින් මේඋද්ඝෝෂණය සංවිධානය කරයි.