විදුලි බිල වැඩි නොකරනු


විදුලිබිල ඉහළ නොදමන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණේ කොළොන්න බල මණ්ඩලය ඇඹිලිපිටිය නගරයේ අද උද්ඝෝෂණයක් කළේය.

කාවන්තිස්ස රජ මහා විහාරය අසළින් ගමන් කළ උද්ඝෝෂකයෝ ඇඹිලිපිටිය බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැයක් උද්ඝෝෂණය දැක්වූහ.

හිටපු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා එහිදී පැවසුවේ අවුරුදු තෑගි ලෙස රජය ඉන්ධන විදුලි හා බඩු මිල වැඩිකරද්දී එක්සත් ජාතික පක්ෂය රජයට මුක්කු ගසමින් සිටින බවයි.