ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල ඉහළ දැමීම අසාධාරණ බවත්, විදුලි බිල ඉහළ යාමෙන් අනෙක් සියලු භාණ්ඩ මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී විදුලිබල විෂය ගැන අදහස් දක්වමින් පැවැසීය.
‘විදුලිබල මණ්ඩඉලයේ පාඩු මකා ගැනිමට විදුලි බිල 20 වැනිදා සිට වැඩි කර තිබෙනවා. සියයට 2-3 කින් වැඩි වෙනවා නම් අපට එය දරාගත හැකියි. මහජන උපයෝගිතා කොමිසම කියා එකක් තිබෙනවා. එයින් යෝජනා ගත්තා, සාකච්ඡා කළා. නමුත් විදුලි බිල වැඩි කළා. සමහර විට මාස හයකින් විතර අඩු කරන්න පුළුවන් වෙයි කියලා අපට විදුලි බලාගාර තිබෙනවා නොරොච්චෝලේ එකක් හැදුවා. මම දන්නේ නැහැ මෙය කියාත්මක වෙනවාද කියලා. විදුලිබල මණ්ඩලය කිව්වේ මේ බලාගාර ක්‍රියාත්මක වන විට විදුලි බිල අඩුවෙනවායයි කියල. අප සියලු දෙනාම අවදියෙන් සිටිය යුතුයි විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු වෙනවා සේම මේ ගැන කතිකාවතක් ඇති විය යුතුයි.‘