(නිමන්ති රණසිංහ)
හිටපු ඇමැති සරණ ගුණවර්ධන ගේ නඩුවේ සාක්කිකරු වු විදුලි බල අමත්‍යංශයේ ලේකම් බී.එම්.එස්. බටගොඩ මහතා අධිකරණයේ පෙනී නොසිටි බැවින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඔහුට වරෙන්තු නිකුත් කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් වර්ෂ දෙකකට අදාළ සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකෙළේ යැයි සරණ ගුණවර්ධනට එරෙහිව නඩු පවරා ඇත.
අල්ලස් කොමිසම මෙහි පැමිණිලි පාර්ශවය වන අතර නඩුව ලබන ජූලි 6 වැනිදා යළි කැඳවීමට නියමිතය.

