විදුලි ප්‍රශ්නෙ මහ උසාවියෙන් කල් තියයි


විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් 2008 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුකූලව විදුලි ගාස්තා සංශෝධනය සිදු කළ බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නෙරිල් පුල්ලේ මහතා මෙම දැනුම් දීම කළේ නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අගවිනිසුරු මොහාන්  පීරිස්, සත්‍ය හෙට්ටිගේ සහ පී ඒ රත්නායක මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම පෙත්සම අධිකාරණය හමුවේ සලකා බලූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ විදුලි බල මණ්ඩල පනත සංශෝධනය කිරීමෙන් පසු විදුලි ගාස්තු සංහෝධනය කිරීම පිළිබඳ පූර්ණ බලය හිමිව ඇත්තේ මහජන උපයෝගීතා කොමිෂමට බවත්ය.