විදුලි ජනන යන්ත්‍රය හදන්න දින 5 ක්


(ඩයනා උදයංගනී)

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරෙහි විදුලි ජනන යන්ත‍්‍රයේ අද (17) පෙරවරුවේ ඇතිවූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කිරීමට දින 5ක් පමණ ගතවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම විදුලි ජනක යන්ත‍්‍රයෙහි බොයිලේරුවේ ඇති වූ කාන්දුවීමක් හේතුවෙන් යන්ත‍්‍රය අක‍්‍රීය වී ඇත.

මෙම ජනන යන්ත‍්‍රය අක‍්‍රීයවීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් අහිමි වුවත් විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ලංකාදීපයට පැවසීය.

එය අලූත් වැඩියා කළ හැක්කේ සෙන්ටිග්‍රෙඩ් අංශක 500ක පමණ උෂ්ණත්වයකින් යුතු එම පද්ධතිය සිසිල්වීමෙන් පසුව බවත්, ඒ සඳහා දින දෙකක හෝ තුනක කාලයක් ගත වනු ඇති බවත් ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.