විදුලි ගාස්තු පෙත්සම විසිවේ


නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා සංවිධානය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේ දෙපාර්ශ්වයේම නීතීඥවරුන් සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුවය.

මෙම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස්, පියසාද් ඩෙෆ් සහ රෝහිනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.