විදුලි කාර් චාර්ජ් කරන තැන් රට පුරා හදන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාව පුරා විද්‍යුත් මෝටර් රථ සඳහා චාර්ජ් කරන ස්ථාන පිහිටුවීම ඉතා වැදගත් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අද පාරිභෝගිකයා විශ්වාසවන්තව විද්‍යුත් මෝටර් රථ මිලදී ගන්නවා. නමුත් ඒ සඳහා බැටරි ආරෝපණ මධ්‍යස්ථාන නැහැ. ඊළඟ අයවැයෙන් මේ කාරණය ගැන අවධානය යොමු කළ යුතුයි.

ලංකාව පුරා විද්‍යුත් මෝටර් රථ සඳහා චාර්ජ් කරන ස්ථාන පිහිටුවීම ඉතා වැදගත්. පුනර්ජනනීය බල ශක්තිය උපරිම වශයෙන් පද්ධතියට ඇතුලත් කොට එමගින් මෝටර් රථ චාර්ජ් කළ හැකි නම් එය ඉතා වටිනවා.මේ රටේ ප්‍රවාහන පද්ධතිය විද්‍යුත්කරණයට ලක් කිරීමෙන් අපට බලශක්තිය ඉතිරි කරගන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.