විදුලි කම්බි කුණු කොල්ලෙට විකුණයි


මහනුවර මාවිල්මඩ ප‍්‍රදේශයේ විදුලි රැහැන් ගබඩාවක් කඩා රුපියල් පන් ලක්ෂ හැට හතර දහස් පන්සියයක් (5 64 500 ) වටිනා තඹ රැහැන් (වයර්)සොරා ගෙන එය රුපියල් තිස් නව දහසකට ( 39000 ) විකුණා කුඩු බිව් බව කියන තිදෙනෙකු සැකපිට  අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය පවසයි.

මොවුන්  අතර හමුදාවෙන් ඉවත්කළ  අයකු සිටින බවත් පොලීසිය කියයි.