විදුලි කණු 17ක් වැටේ


මුන්දලම කච්ච මදුරංකුලියේ විදුලි රැහැන් පද්ධතියේ විදුලි කණු 17ක් අද අලුයම පෙරලී පොල්ගස් හා අනෙකුත් ගස් මතට ඇද වැටී ඇතැම් ගස් ගිනි ගත් බව වැසියෝ කියති.

අඩි පහමාරක් ගැඹුරට සවි කළ යුතු විදුලි කනු අඩි දෙකකට වඩා සිටුවා නැතැයි වැසියෝ කියති.

පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරු එම් අයි එම් ඉර්ෂාඩ් මහතා පැවසුවේ ගැලවී ගිය විදුලි කණු කිහිපය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි.

සියයකට අධික පිරිසක් මේ සඳහා පැමැණි බව ගැමියෝ කියති.

DSC07568 DSC07571