දර්ශනපථය මුලික කරගත් විද්‍යුත් උපකරණ භාවිතය හේතුවෙන් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ගේ මානසික හා කායික වර්ධනයට අහිතකර බලපෑම් ඇතිකරවන බව ඇමෙරිකාවේ ළමා රෝග විද්‍යායතනය කියයි.
මේ බව සඳහන් කරන්නේ වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඩී. හේවගේ මහතාය.
එම නිසා එවැනි විද්‍යුත් උපකරණ භාවිත කිරීමට වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට කිසිසේත්ම ඉඩ නොදෙන ලෙසද එම විද්‍යායතනය තරයේම සඳහන් කර ඇත.
දරුවන් මොළයේ වර්ධනය මෙම කාලවලදී සිදු වන බව මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුත්තක් ලෙසද තව දුරටත් සඳහන් කර ඇත.
වයස අවුරුදු දෙකට වැඩි දරුවන් එම විද්‍යුත් උපකරණ භාවිතය ලබා දිය යුත්තේ දිනකට පැය දෙකක උපරිමයකට යටත්ව බවත් පෙන්වා දී ඇත.එහිදී අධ්‍යාපන වැඩසටහන්ද නැරැඹ්මට අවස්ථාව සලසා දිය යුතු බවත් අවධාරණය කර ඇත.
දරුවන් මෙවන් විද්‍යුත් උපකරණ වලට අබ්බැහිවිම යනු ඔවුන්ගේ ළමා වියේ ක්‍රියාකාරකම් අතපසුවීමක් ලෙසද දක්වා ඇත.
ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව,කැනඩාව යන රටවල් මේ සම්බන්ධව හෙළි කර ගත් තොරතුරු සම්බන්ධව හෙළි කරගත් තොරතුරු සම්බන්ධව මේ වන විටත් වහාම ක්‍රියාත්මක වී මග පෙන්වීම් සිදු කරගෙන යයි.
දර්ශන පථය මූලික කරගත් විද්‍යුත් උපකරණවලට රූපවාහිනී ,ජංගම දුරකතන,ටැබ් වීඩියෝ ක්‍රිඩා උපකරණ ,ලැප්ටොප් යන සෙසු පරිගණක යනාදිය මීට අයත් වෙති.
ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්ද මෙවන් විද්‍යුත් උපකරණ භාවිතයට සීඝ්‍ර ලෙස අබ්බැහි වී තිබෙන නිසා මෙම තොරතුරු පිළිබඳ දෙමාපියන්ගේ අවධානය යොමු විය යුතු බවත් වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කරයි.

