විදුලි ඉංජිනේරුවරු 130 ක් සේවය හැර ගිහින්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනකු මෑත කාලයේදී  සේවය හැර ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

මේ අතර මණ්ඩලයේ විධායක මට්ටමේ පුරප්පාඩු 529 ක් පවතින බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන  මහතා  එම කමිටුව කමිටුව හමුවේ සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාලිත පෙර්‍රේරා  මහතා පැවසූවේ  ලංකා විදුලි වල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 330 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවයි.

මෙම ඉංජිනේරුවරුන් 130 දෙනා සේවය හැර ගොස් ඇතැයි පැවසෙන්නේ  ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල් මාස හතරේදීය.