විදුලි ඉංජිනේරුවන්ගෙන් ජනතාව ගලවා ගන්න‘යි ජනපතිගෙන් ඉල්ලයි


(විනීතා එම් ගමගේ)

විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කර ගැනීමේ දුෂ්ඨ චක‍්‍රයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික හා පාරිසරික අයිතිවාසිකම් සඳහා වූ ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම විදුලි ජනනය විකිණීම පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින බව රාජපක්ෂ මහතා කීය.
විදුලි බිල වැඩිවන්නේ විදුලි ඉංජිනේරුවන්ගේ අසාධාරණ වැටුප් වැඩිකර ගැනීමේ ක‍්‍රමවේදය නිසා බැවින් ඊට එරෙහිව අධිකරණය ඉදිරියට යාමට පවා තම පෙරමුණ සුදානම් බව හෙතෙම තව දුරටත් කියා සිටියේය. රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ කොළඹ 7 ජාතික පුස්තකාලයේ අද (17) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.