විදුර වික්‍රමනායක සිංගප්පූරු ගෙන යයි


වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සිගප්පූරුව බලා රැගෙන යනු ලැබීය.

ඔහුගේ පියා ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහතා හා වික්‍රමනායක මහත්මිය ද ඔහු සමග ගියහ.

පසුගිය දා ඔහු හෘදයාබාධයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීය.