අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානයේ අයිකාඕ (ICAO) ප්‍රමිතියට අනුකූලව පුද්ගල ඡායාරූපයක් සකසා ගත හැකි මෘදුකාංගයක් නිපැදවූ මොරටුව විශ්ව විද්‍යාලය අදාළ මෘදුකාංගය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නොමිලයේ පරිත්‍යාග කළ බව එම විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අංශයේ ප්‍රධානී ආචාර්ය චතුර ද සිල්වා පැවසීය. විද්‍යුත් ජාතික හැඳුනුම්පතට මෙවන් ප්‍රමිතිගත ඡායාරූපයක අවශ්‍යතාවයක් පවතී. මෙම මෘදුකාංගය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී තිබෙන සෑම ඡායාරූප ශාලාවකටම (ස්ටුඩියෝ) නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ක්‍රියාකරගෙන යයි.
මෙම මෘදුකාංගය ආනයනය කළේ නම් ඒ සඳහා රුපියල් මිලියන ගණනක් වැය කිරීමට සිදුවන බවත් ආචාර්ය චතුර සිල්වා කියයි.

