විද්‍යුත් හැඳුනුම්පතක් එයි


රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් කෘතහස්ත රාජ්‍ය සේවකයන් උදෙසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ හැටන් නැෂල් බැංකුව එක්ව අලුතින් හදුන්වා දෙන නවීන ඉලෙක්ට්‍රෝනික් හැඳුනුම්පත් බෙදාදීමේ උත්සවය රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවැත්විණි.

එහි දී පළමු හැඳුනුම්පත හිටපු නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතාට ලබා දුන්නේය.

නවීකරණය කරන ලද ශ්‍රවනාගාරය, නව වෙබ් අඩවිය, විශ්‍රාමික සත්කාරක පියස සහ නව පුස්තකාලය ද අද විවෘත කැරිණි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි, හැටන් නැෂනල් බැංකුවේ සාමාන්‍යාධිකාරී ජොනතන් අලස් මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

IMG_8719 IMG_8845 IMG_8865