විද්‍යුත් තාක්ෂණය මගින් ඕනෑම අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ පද්ධතිය හා නඩු පිළිබඳ ලියැවිලි පරිගණක ගත කරන බව මොහාන් පීරිස් අගවිනිසුරු කැකිරාවේදී ප්‍රකාශ කළේය.
අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීම සැම දෙනාගේ යුතුකමක් බවත්, නීතිය විය යුත්තේ ජනතාවගේ එදිනෙදා ජීවිය පවත්වාගෙන යෑමට බවත් අගවිනිසුරු පැවසීය.
ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය වෙන් වෙන් වෙශයෙන් නොව එකම රාමුවක් තුළ ක්‍රියාත්මක වන්නේ නම් ජනතාවට වඩාත් සමීප විය හැකි බව ද අගවිනිසුරු කීවේ.