ජයන්ත සමරකෝන්
කටුනායක- කොළඹ අධිවේගී මාර්ගයේ දැනට පවත්වාගෙන යන ඉලෙක්ට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමය අනෙකුත් අධිවේගී මාර්ගයන්ට ද ක්‍රියාත්මක කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
මුදල් භාවිතාවක් සිදු නොවීම හා ගෙවිම් දොරටු අසල නැවැත්වීමක් නොමැතිව පැයට කිලෝමීටර් 20 ක වේගයෙන් ගමන් කළ හැකි මෙම ක්‍රමය සඳහා වාහන ලියාපදිංචි කර ගිණුමක් පවත්වාගෙන යා යුතු බවද එහි නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂක සමන් ඕපනායක මහතා පැවසීය.
විද්‍යුත් ක්‍රමයට ගාස්තු ගෙවීම දක්‍ෂිණ අධිවේගී මාර්ගයටත් එයි
Recommended Articles