මහනුවර විද්‍යාකර විද්‍යාලයයේ පළමු ශ්‍රේණියේ ඒ කාණ්ඩයේ ක්‍රීඩකයන් නොමැතිව 2013 පාසල් රග්බි ක්‍රීඩා තරඟය පැවැත්වීම තහනම් කරමින් කොළඹ අතිරේක දිසා විනිසුරු ප්‍රදීප් ජයතිලක මහතා අද අතුරු නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම්, මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රීඩා භාර සුසන්ත මෙන්ඩිස් හා භාණ්ඩාගාරික හා කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ ක්‍රීඩා භාර එන් ඒ වෑත්තෑවට එරෙහිව එම නියෝග නිකුත් විය.
විද්‍යාකර විද්‍යාලයයේ තල්වත්ත ධනුෂ්ක මධුෂාන් ඇතුළු තිස් දෙනෙක් පෙත්සම්කරුවෝය.
තමනට තරඟවලට සහභාගී වීමට ඉඩ නොදී තරඟාවලිය පැවැත්වීමට යද්දී ඔවුහු අධිකරණයට කරුණු දැක්වූහ.
ක්‍රීඩා ඇමැති ඇතුළු 15 දෙනෙක් වග උත්තරකරුවෝය.