විද්‍යා විදුහල 27-16 කින් ඉසිපතනය පරදවයි


ගල්කිස්සේදී අද (27 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරගයකදී ඉසිපතන විදුහල් පිල පරදවා ලකුණු 27-16 ක පෙරළිකාර ජයක් ලබාගැනීමට ගල්කිස්ස විද්‍යා විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.

විද්‍යා විදුහල් පිල ගෝල දිනුම් 2 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත් අතර ඉසිපතන විදුහලට ලබාගත හැකිවූයේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 3 ක් පමණි.