අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් අද (15) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ 36-19 කින් සත්කාරක ප‍්‍රබල රාජකීය විදුහල් පිල පරාජය කිරීමට සමත් වූහ.
පළමු අර්ධ අවසන් වන විට ලකුණු 19-12 ක් ලෙස පෙරමුණේ පසු වූ විද්‍යා විද්‍යාලය ගෝල 3 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස් කළේය. රාජකීය විදුහල ගෝලයකින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය.