අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය කළින් පිට කළැයි සැකපිට විද්‍යා ගුරුවරයකු ඇතුළු පස්දෙනා පෙබරවාරි 07 දා තෙක් යළි රිමාන්ඩ් කිරීමට නියෝග කළ කඩුවෙල මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පැවසුයේ විභාග ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම බරපතල අපරාධයක් බවයි.
විභාග පිළිබඳව අපේක්‍ෂකයන් අතර විශ්වාසය තහවුරු කළ යුතු බවත් මෙවැනි සැකකරුවන්ට ඇප දීමෙන් මහජන කැළඹීමක් විය හැකි බවත් මහේස්ත‍්‍රාත්වරිය කීවාය.
අත්තටගේ චන්දන සම්පත්, ලක්‍ෂාන් ජයසිංහ, නිරෝෂන් සංජීව, සිරිවර්ධන ජයසේකර හා මංගල පි‍්‍රයශාන්ත රිමාන්ඞ් කෙරිණ.

