ඉන්දුනීසියාවේ පැවති 11 වන අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ්තරගාවලියේදී විද්‍යා අංශයෙන් රන් පදක්කමක්, රිදී පදක්කම් හතක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ පිරිසක් සමත් වුහ.
ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිවයිනට පැමිණි මෙම සිසු සිසුවියෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්ෂක එම්.පී විපුලසේන සහසහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්.එන්.එෆ් නස්රියා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විසින් ඉතා උනුසුම් අන්දමින් පිලිගනු ලැබීය.
මෙම තරගාවලිය රටවල් 13 ක සහභාගීත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 5 වෙනිදා සිට 11 වෙනිදා තෙක් ඉන්දුනීසියාවේ බාලි නුවරදී පැවැත් විණි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසු සිසුවියෝ 13 දෙනෙකු තරගාවලිය සඳහා සහභාගී වු අතර ඉන් 11 දෙනෙකුම පදක්කම් දිනාගැනීමට සමත්වීම විශේෂත්වයකි.
කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නිරාලි හේසලා ඉදිරිසිංහ සිසුවිය රන්පදක්කමක් හිමි කර ගෙනතිබු අතර රිදී පදක්කම්ලාභීන් අතර කොළඹ හිංදු විදුහලේ ජේ. තුවාරගේෂ්, යාපනය හිංදුවිදුහලේ එන්. සිවමයින්තන්, නාත්තන්ඩිය දම්මිස්සර විදුහලේ ඩී.ඩබ්ලිව්.පී මධුභාෂණ, රත්නපුර සීවලී මධ්‍ය මහා විදුහලේ තිසර චන්දූප දසනායක, මහනුවර මහමායා බාලිකා විදුහලේ සිලූනි සඳනිමා වික්‍රමතිලක, ගාල්ල රිච්මන්ඩි විදුහලේ යසිර ජයසේකර සහ පමෝජ් හසින්දු ද සිල්වා යන සිසු සිසුවියෝ වෙති.
ලෝකඩ පදක්කම්ලාභීන් අතර හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ හසිඳු ලංකා රත්නායක , බදුල්ල විහාරමහදේවී විදුහලේ හිරුෂි රන්මිනි සහ මාතර සුජාතා බාලිකා විදුහලේ ඔවිනි අතපත්තු වෙති.
මීට අමතරව තරගාවලිය නියෝජනය කරමින් මාතර රාහුල විද්‍යාලයේ අනුෂ්ම කුලතුංග, කුරුණෑගල මලියදේව විදුහලේ හර්ෂණ තිලකරත්න යන සිසුන්ද, කණ්ඩායම මෙහෙයවමින් දකුනුපළාත් විද්‍යා උපදේශක ශාන්ත පද්මලාල් ආරියරත්න සහ ජෝසප් එමානුවෙල් යන නිලධාරීහුද සහභාගී වූහ.
තරගාවලිය සඳහා මෙම සිසු සිසුවියන්ව පුහුණු කරනු ලැබුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වන තිලකරත්න පිගේරා, එස්.එම් සලුවඩන, දුෂ්මා ද සිල්වා යන මහත්ම මහත්මීන් විසිනි.
(රන් පදක්කම දිනු කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ නිරාලි හේසලා සිසුවිය)
(රිදී පදක්කම් හිමිකරගත් යසිර ජයසේකර, තිසර චන්දූප,සිලූනි සඳනිමා,ඩී.ඩබ්ලිව්.පී මධුභාෂණ,ජේ. තුවාරගේෂ්, පමෝජ් හන්සින්දුසහ එන්. සිවමයින්තන්)
(ලෝකඩ පදක්කම් හිමිකරගත් ඔවිනි අතපත්තු, හසිඳු ලංකා සහ හිරුෂී රන්මිනි)






