විද්යුත් මාධ්‍ය ගැන පැමිණිලි කරන්න රන්ජන් තැනක් සොයයි


කිසියම් පුද්ගලයකු ඉලක්ක කරගනිමින් විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් දිගින් දිගටම චෝදනා කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව විමසමින් සමාජ සේවා හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට අද (13) පැමිණ ඉල්ලූම්පත‍්‍රයක් භාර දුන්නේය.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) එච්.ඞී.එස් මල්කාන්ති මහත්මිය එම අයදුම්පත‍්‍රය භාරගත් අතර දින 14ක් ඇතුළත පිළිතුරු ලබාදෙන බවට ඇය පොරොන්දු වූවාය.

එක්තරා රූපවාහිනී නාලිකාවක් තමන්ට දිගින් දිගටම පහර ගසමින් සිටින බවත් පුවත්පත් ගැන පුවත්පත් කොමිසමට පැමිණිලි කළ හැකි වුවත් විද්‍යුත් නාලිකාවකින් වරදක් කළ විට දරා ගැනීමට සිදුවන බවත් රාමනායක මහතා කීවේය.

විද්‍යුත් මාධ්‍ය ආයතනවල හිමිකාරීත්වයන් පිළිබඳව ද ඉන් විමසූ බවත් අමාත්‍යවරයා පැවසීය