විජේවීරගේ බිරිය ජවිපෙට නඩු දමයි


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීරගේ බිරිය චිත්‍රාංගනී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව වන්දි නඩුවක් පවරා ඇත.

තම සැමියාගේ පොත් පහක් බුද්ධිමය දේපළ පණතට පටහැනිව මුද්‍රණය කර විකිණීයැයි ඇය ජවිපෙන් රුපියල් ලක්ෂ පණහක වන්දි ඉල්ලන්නීය.

ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ජවිපෙට නියෝග කළේය.

අප මරා දැමුවද අප නගන හඩ සදා නොමියෙනු ඇත,දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද, අත්දැකීම් කිහිපයක්,රට හදන අපේ ප්‍රතිපත්තිය,රතු ඔක්තෝබරයේ පාදම,වියට්නාම් විප්ලවය ආරක්ෂා කරමු, යන පොත් අද (13) ඉල් මහ විරු සමරුවේ බෙදා හැරීමට නියමිත බව ඇයගේ පෙත්සමේ සඳහන් වේ.