විජේවීරගේ පවුලට හය මාසයක් කල් ලැබේ


ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවනට තවත් මාස 6ක් වැලිසර නාවික හමුදා නිල නිවසේ සිටීමට ඉඩදී බව නාවික හමුදාව පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා විජේවීර මහත්මිය සහ එම පවුලේ අයට තවත් මාස හයක කාලයක් නිල නිවසේ රැඳී සිටීමට අවසර දී ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමේදී ජනපති මේ තීරණය ගත් බවද වාර්තාවෙයි.