විජේවීර දුව යළි රිමාන්ඩ්


සිය මවට හා  සහෝදරයකුට පහර දී නිවසේ  දේපළ වලට  අලාභ හානි සිදු කැර  සාපරාධි  බියක් ඇති කර  මරණ තර්ජන එල්ල කළ  බව කියන සිද්ධියක්  සම්බන්ධයෙන්  රිමාන්ඩ් බාරයට පත් කර සිටින   දසුනි ඊෂා විජේවීර  මෙනවිය  ජුනි 10 වැනි දා තෙක්  රිමාන්ඩ් බාරයේ තබන ලෙස  වත්තල මහෙස්ත්‍රාත්  ලංකා ජයරත්න  මෙනවිය අද (03) නියෝග කළාය.

 ඇය ජ.වි.ප නිර්මාතෘ රෝහණ විජේවීරගේ වැඩිමහල්  දියණියයි.

 එමෙන්ම සැකකාරිය  ජාතික වෛද්‍ය පරීක්ෂණ ඒකකයට  වෙත ඇතුළත් කොට  සම්පුර්ණ මානසික  සෞඛ්‍ය වාර්තාවක්  ඉදිරිපත් කරන ලෙසද  මහෙස්ත්‍රාත්වරිය  බන්ධනාගාර අධිකාරීට නියම කළාය.