හිටපු ජනාධිපති දිවංගත ඩි.බී.විඡේතුංග ජනාධිපතිතුමාගේ ජන්ම සියවස සැමරිම වෙනුවෙන් ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යයංශය විසින් රු.10.00 ක විටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් අද (14) දින මහනුවර දොඩන්වල අර්ල්ස් රීඡන්ට් හිදි නිකුත් කරනු ලැබිණී..
මෙම උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නව මුද්දරය සහිත සමරු නිකුත් කිරිමේ මුල් දින කවරය තැපැල් තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හට ද ලක්ෂ්මන් කිරිඇල්ල,වඡිර අබේවර්දන අමාත්‍ය වරුන් හට ද හිටපු ඡනාධිපති දිවංගත ඩි.බී.විජේතුංග ජනාධිපතිතුමාගේ දියණිය වන චිත්‍රාංගනි විඡේතුංග මහත්මිය ට හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලකි ජයවර්දන යන මහත්වරුන් හට පිරිනැමිමද සිදු කෙරෙනු ලැබුවා.
අග්‍රවිනිශ්චයකාරවරුන්ට තමන් කැමැති විදිහට ව්‍යවස්ථා හදන්නයි නැතිකරන්නයි ඉඩ දිය නොහැකි බවත් එහි අයිතිය පාර්ලිමේන්තුවට පමණක් බවත් අගමැතිවරයා එහිදී කීවේය.
‘1994 ඡන්දයේදි එක්සත් ඡාතික පක්සය පරාද වුනා, ඒ අවස්ථාවෙදි ඩී.බී. විජේතුංග ජනපති කිවුවා මට පුළුවන් අවස්ථාවලදි සාකච්ඡා කරල බලපෑමක් ඇති කරන්න පුළුවන් ඒත් මට ඒක කරන්න බැරි වෙනව කියලා. ඒ විදිහට ඩි.බි විජේතුංග ජනපති ක්‍රියා කළා. ඒකයි අපේ සම්ප්‍රදාය,ඒ ක්‍රමය අනුව ගියානම් මේ විධායක ජනපති ක්‍රමයට කිසිදු හානියක් ඇති වන්නෙ නෑ. 2003 මම රටේ නැති වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක් දුන්නා ඒක කොහෙන් ආවද මම දන්නේ නෑ. ඒකෙන් මේක සම්පුර්ණයෙන් වෙනස් වුණා. එසේ නොවි තිබුනානම් ගොඩක් වැඩ කරල එල් ටී ටී ඊ එකත් සම්පුර්ණයෙන් නැති කිරිමට ඉඩ තිබුණා‘ යැයිද අගමැතිවරයා කීවේය.
නිකුත් කල දිනය - 2016 පෙබරවාරි මස 14 දින
වටිනාකම - රු.10.00
නාමාවලි අංකය - C S L 2149
මුද්දර සැලසුම් කරු - සනත් රෝහන වික්‍රමසිංහ
ප්‍රමාණය - මි.මී. 41 X මි.මි. 30
හැඩය - තිරස්
මුද්‍රණ ක්‍රමය - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි
පත් සැකැස්ම - පත්‍රිකාවක මුද්දර 20 බැගින්
සිදුරු ප්‍රමාණය - 13 ¾ X 14
මුද්‍රණකරුවෝ - රඡයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව.ශ්‍රි ලංකාව
වර්ණ පාවිච්චිය - හතරයි
කඩදාසි වර්ගය - 102 ඡි.එස්.එම්.ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි
මැලියම් - පීවිඒ
මුද්‍රණය කල ප්‍රමාණය - 5.00.000
අලවි කරන අවසන් දිනය - 2017.02.13
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක







