1999 වසරේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගී වූ රැස්වීමකදී වෙඩි තබා එච් එම් දයාරත්න සහ එච් එම් ප්‍රේමචන්ද්‍ර වෙඩිතබා මරා දැමූ පස් දෙනකුට මොනරාගල පළාත්බද මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා අද මරණ දඩුවම නියම කළේය.
මොවුන්ගෙන් දෙදෙනෙක් ඌව හිටපු මහ ඇමැති හා වත්මන් වනජීවී ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාගේ ආරක්ෂකයෝය. සෙස්සෝ ආධාරකරුවෝය.
ඩී එම් චමින්ද දිසානායක, කේ එච් උදයකාන්ත විජිතවීර, සුජිත් අශෝක පුංචිහේනා, එච් එම් මංජුල සිසිර කුමාර සහ ඩී එම් අමරසේන එලෙස මරණ දඩුවම ලැබුවෝ වෙති.