විජයදාස රාජපක්ෂට තවත් ආචාර්ය උපාධියක්


එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට කොළඹ විශ්ව විද්‍යාලය ආචාර්ය උපාධියක් පිරිනැමීය.

එහි කුලපති ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරද ගුරු තුමන් අතින් ඔහු අචාර්ය උපාධිය ලබා ගත්තේය.

මීට පෙර  ඔහු කැලණි විශ්ව විද්‍යාලයයෙන් ද ආචාර්ය උපාධියක් හිමි කැර ගත්තේය.

‘1978 දෙවැනි ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  විධායක ජනපති ක්‍රමය  යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තහවුරු කිරීමට යොදා ඇති තුලනාත්මක සුරක්ෂිතතාවන්හි සළුලතාව‘ ඔහුගේ නිබන්ධනය විය.

කැලණි විශ්ව විද්‍යාලයයෙන් හිමි වු උපාධියේ නිබන්ධනය වුයේ  ‘බෞද්ධ ධාර්මිකත්ව සංකල්පය හා නූතන යුක්ති  විනිශ්චය ක්‍රමෝපායන් පිළිබඳ  තුලනාත්මක අධ්‍යයනයයි.‘

මීට පෙර අචාර්ය උපාධි දෙකක් හිමි කැර ගත් පාර්ලිමේනතු මන්ත්‍රීවරයා වුයේ ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන් එම් පෙරේරා පමණි.

rajapaksa