යුවන්ජන ජවහර්ලාල් වනසුන්දර විජයතිලක මහතා (58) නීතීපති වශයෙන් පත් කරනු ලැබ සිටී.
ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් ආර් විජයතිලක මහතාගේ පුත්‍රයෙකි.හිටපු අග විනිසුරුවරයකු වු ආර් එස් වනසුන්දර මහතා ඔහුගේ මාමා කෙනෙකි.
කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයකු වන විජයතිලක මහතා ලන්ඩනයේ කිංස් කොලේජ් හි එල් එල් එම් නීතී උපාධිය දිනා ගත්තේය.ඔහු වාණිජ නීතී පිළීබඳ විශාරදයෙකි.රජයේ නීතීඥයකු ලෙස 1980 දී නීතීපති දෙපාර්තමේන්තුවට එක් වු ඔහු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ,නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ,අතිරේක සොලිසිටර් ජනරාල් හා වැඩබලන නිතීපති වශයෙන් ද වැඩ කළේය.
1980-1986 සමයේ මහේස්ත්‍රාත් හා මහාධිකරණ වලද අභියාචනා අධීකරණයේද අපරාධ නඩු වලට පෙනී සිටියේය.

