යුද ජයග්‍රහණයෙන් පසුව යුද හමුදාව හය වැනි වරටත් සංවිධානය කළ ‘ටැටු‘ සංදර්ශනය නාවලපිටිය ක්‍රීඩාගනයේ දී අද (30) ආරම්භ කෙරිණි. දින තුනක් පැවැත්වේ.
පැරෂුට් සංදර්ශන, සරඹ, වාහන පාලම්, කලතුවක්කු, එකලස් කිරීම සුනඛ සංදර්ශන ඇතුළු අංග රැසක් මීට ඇතුළත්ය.
අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහත්වරු ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීහු මීට සහභාගී වෙති.

















