තිස් වසරක යුද්දය සිව් වසරකට පෙර නිමා කිරීමේ විජයග්‍රහාණ සැමරුම ගාලු මෝදර පිටියේදී ත්‍රිවිධ හමුදා සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනපතිගේ මූලිකත්වයෙන් දැන් පැවැත්වේ. සටන් බිමේ සිටි ත්‍රිවිධ හමුදා, පොලිස් විරුවන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ. ඔවුන් දියෙන් ගොඩින් හා උඩින් ධීර වීර හපන්කම් දැක් වු ආකාරය අදත් ප්‍රදර්ශනය වේ.
මහින්ද රාජපක්ෂ ජනපති, එකළොස් දහසක් රණවිරුවන් ද ආරාධිතයන් අමතමින් පැවැසුයේ යළි ත්‍රස්තවාදයට ඉඩ නොතබන බවයි. එක් සේසත් කළ රටේ යුද බිය හා මර බිය ඇතිවීමට ඉඩ නොදෙන බවයි. ප්‍රේමදාස ඝාතනයේ සිට සාම දූතයකු වූ රජිව් ගාන්ධි ඝාතනය දක්වා විස්තර කළ ජනපති සටන් විරාමයක් මගින් ධීර ලෙස රට පාවාදුන්නැයි චෝදනා කෙළේය. රට බේරාගත් රණවිරුවන් අන්තර් ජාතික අධිකරණයට රැගෙන යාමට කැස කවන්නේ යැයි ජනපති චෝදනා කෙළේය.