විජයකලා අත්අඩංගුවට


 

 

(නිමන්ති රණසිංහ)

ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අංගුවට ගත් බව පොලිසිය කියයි.

නීතිපතිගේ උපදෙස් අනුව ක්‍රියාකරමින් අත්අඩංගුවට ගත් විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව  පොලිසිය සඳහන් කරයි.

මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.