විජය නන්දසිරි මහතා සිහිකොට දොළොස්මහේ පහනක්


2016-10-25-ent-16

අප අතරින් සමුගත් කලාකරු විජය නන්දසිරි මහතාට පිං අනුමෝදන් කිරීම අරමුණුකොට එතුමාගේ දෙමස් පූර්ණ පිංකම මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගියදා (15) වැලිවේරිය කිරිකිත්ත කුසුම් සඳහම් සෙවන විහාරස්ථානයේදී පැවැත්විය. ඒ අවස්ථාව සනිටුහන් කරමින් විජය නන්දසිරි මහතා සිහිකොට දොළොස්මහේ පහනක් සෑදීමට කලාකරුවන් සංවිධානයකර තිබුණි.

එම දොළොස්මහේ පහනට මුල්ගල තැබීම ගරු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සුරතින් සිදුවිය.

මේ අවස්ථාවට කලාකාරිනී දේවිකා මිහිරානි මහත්මිය, දුව, පුතා ඇතුළු කලාකරුවන් පිරිසක්ද සහභාගී වූහ.

 

2016-10-25-ent-15
2016-10-25-ent-14
2016-10-25-ent-13
2016-10-25-ent-12
2016-10-25-ent-11
2016-10-25-ent-10
2016-10-25-ent-09
2016-10-25-ent-08