විග්නේෂ්වරන්ට එරෙහිව සුමන්තිරන්


උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් දෙමළ ජනතාව අතරමං කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ.සුමන්තිරන් පැවසීය.

යාපනයේ සුනාමි සැමරුම් අවස්ථාවකට සහභාගී වීම සඳහා ගිය මන්ත්‍රීවරයා ප‍්‍රධානත්වයෙන් පසුගිය 19 වැනිදා බිහිකළ නව දෙමළ ජනතා මණ්ඩලය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් එසේ කීවේය.

දෙමළ ජාතික සන්ධානය බිහිකළ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාට දෙමළ ජාතික සන්ධානය පසෙකලා කටයුතු කිරීමට නොහැකි අතර,දෙමළ ජාතික සන්ධාන නායකත්වයට නොසළකා කටයුතු කිරීමට නොහැකි බැව්ද ඔහු පැවසීය.

දෙමළ ජාතික සන්ධානය නොසළකා කටයුතු කරන දෙමළ දේශපාලනඥයින් කෙරෙහි ජනතාව ඉදිරියේදි සුදුසු තීරණයක් ගනු ඇති බැව්ද මැතිවරණ වෙනුවෙන් කටයුතු නොකිරීම හා දෙමළ ජාතික සන්ධාන නායකත්වය නොසලකා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා බිහිකළ නව කමිටුව ආදි කරුණු සියල්ල මගින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානයට එරෙහිවීම පැහැදිලි වන බවද සුමන්තිරන් සඳහන් කළේය.