විග්නේෂ්වරන්ට ආයෙත් මහ ඇමතිකම නොලැබෙන හැඩයි


ඉදිරි උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් සී.වී.විග්නේෂ්වරන් මහතා ඉදිරිපත් නොකිරීමට හා නීති ක්ෂේත්‍රයේ වෙනත් ප්‍රවීණයෙකු මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් යෙදවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව ඇතැයි එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

මේ අනුව දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක‍්ෂකයා වශයෙන් කාලයක් අධිකරණ සේවයේ සිටි පුද්ගලයෙකු යෙදවීමට කැමත්ත පළකර ඇති බවද වාර්තා වේ.

කලක පටන් උතුරු මහ ඇමති සී.වී විග්නේස්වරන්ගේ ක්‍රියාකලාපයත් දෙමළ ජාතික සන්ධානයේ තීන්දු තීරණ පිළිනොගැනීමත් පක්ෂයේ සමගිය බිද වැටෙන ආකාරයෙන් කටයුතු කිරීම හා දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරේ දේශපාලන පක‍්ෂ සමගින් කටයුතු කිරීම වැනි චෝදනාවන් පක්ෂ අභ්‍යන්තරයෙන් හා පරිබාහිරින් එල්ල වීම නිසා මෙම තීරණය ගත් බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්‍ෂේප කර තිබියදී “එළුඟ තමිල්“ විරෝධතාවයට සහභාගී වී ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය අවුල් කිරීමත් ජනතාව අතර බේද වන ආකාරයෙන් දේශපාලනය කිරීමත් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ

ඉදිරි පළාත් සභා මැතිවරණයට පෙර විග්නේෂ්වරන් මහ ඇමති ධූරයෙන් ඉවත් නොකෙරෙනු ඇති බවද කියයි.