විග්නේෂ්වරන්ගේ අලුත් පක්ෂය විසිරුවයි?


දෙමළ ජාතික සන්ධානයට එරෙහිව පිහිටුවාගෙන ඇති දෙමළ ජනතා සංසදය ඉදිරි දින කිහිපයේදී විසුරුවාහැරීමට නියමිත බව උතුරේ ආරචි මාර්ග සදහන් කරයි.

උතුරු මහ ඇමති සී.වී.විග්නේශ්වරන්ගේ නායකත්වයෙන්   උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික  සන්ධානයේම පිරිසක්  ගොඩ නගා ගත් දෙමළ  ජනතා සංසදය විසුරවා හැරීමට හෝ එහි නායකත්වයෙන් ඉල්ලා අස්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයන් තීරණය කර ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

දෙමළ ජනතා සංසදය  දෙමළ  ජාතික සන්ධානයට එරෙහි ප්‍රතිපත්තියක් දැරීම මෙකී තීරණය ගැනීමේ මූලික හේතුව බවද එම ආරංචි කියයි.