උතුරු පළාත් මහ ඇමැති ලෙස සී වී විග්නේෂ්වරන් මහතා ලබන 15 වැනිදායින් පසු එළැඹෙන දිනක දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් පවසයි.
බම්බලපිටියේ දෙමළ ජාතික සන්ධාන පක්ෂ මූලස්ථානයෙහි උතුරු පළාත සඳහා අනෙකුත් අමාත්‍යවරුන් තෝරා ගැනීම සදහා පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පැවැත්වුවද නිශ්චිතව එම තනතුරු සදහා කිසිවකු නම් නොකළ බව ද එම ප්‍රකාශකයා කියයි.

