ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා කෙටි කාලයකින් ජනතා අප්‍රසාදයට පත් වූ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ සී.වී.විග්නේෂ්වරන් මහතා යැයි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති,හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කොළඹ දී අද (30) ප්‍රකාශ කළේ ය.
සී.වී.විග්නේෂ්වරන් මහතා පසුගියදා කළ ජාතිවාදී ප්‍රකාශ හේතුවෙන් ඔහු බුද්ධිමත් දෙමළ ජනතාවගෙන් පවා ප්‍රතික්ෂේප වී ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.ඔහු මෙසේ පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.