(සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ දේශකවරුන් අනූ දෙදෙනෙකුට 2023 වර්ෂයේදී කෝටි 33 කට වැටුප් හා දීමනා ගෙවා තිබුණත් ඔවුන් ඉටුකළ රාජකාරී තහවුරු කිරීමට අවශ්‍ය තොරතුරු කිසිවක් විගණනයට ඉදිරිපත් නොකෙරුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මේ අතර මියගිය මහාචාර්යවරියකගේ නාමිකයා නම් කරන ලද ප්‍රකාශයෙහි සාක්ෂිකරුවන් දෙදෙනෙකු අත්සන් නොකිරීම සහ මහාචාර්යවරියගේ ආසන ව්‍යාජ බව නිරීක්ෂණය වී තිබියදී ඇයට හිමි ලක්ෂ තිස් දෙකකට වැඩි සේවක අර්ථ සාධක ප්‍රතිලාභය ඇයගේ ස්වාමිපුරුෂයාට ගෙවා තිබූ බව එහි දැක්වේ.
තවද මියගිය මහාචාර්යවරියට හිමිව තිබුණු ලක්ෂ විසිහයකට ආසන්න සේවක පාරිතෝෂික ප්‍රතිලාභයද අනෙකුත් උරුමකරුවන් පිළිබඳව නොසලකා ඇයගේ ස්වාමිපුරුෂයාට පමණක් ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
මේ අතර පර්යේෂණ කමිටුවක අනුමැතියකින් තොරව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ කතිකාචාරවරුන් දෙදෙනෙකුට ලක්ෂ හතලිස් හතකට වැඩි පර්යේෂණ දීමනා ගෙවා තිබූ පවසන එම වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ පූර්ණ අනුමැතියකින් තොරව කෝටි 45ක පමණ අතිරික්ත මුදලක් 2023 වර්ෂයේදී ආයෝජනය කර තිබූ බව ප්‍රකාශ කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.